සිතන්න්ට යමක්
“ අපිත් එක්ක හිනාවෙලා කථාකලත් මොකක් හරි ලොකු ප්‍රශ්නයක් එයාගෙ හිතේ තියනව කියලයි මට හිතුනෙ “
“ එයා ඒ කථාව කිව්ව විදිහට මටනම් හිතෙන්නෙ ඒ කිව්වෙ බොරුවක් කියල “
මෙසේ මිතුරෙකු ඔබ සමග පැවසීමට හෝ ඔබ එවන් අද්දැකීමක් විදි අවස්ථාවක් මතකයේ තිබේද ?
අප යමක් ප්‍රකාශකරන විට වචනයෙන් යමන්ම එම අවස්ථාවේ අපගේ හැසිරීම් ඉරියව් තුලින්ද ප්රකාශනයක් සිදුවේ, මෙය (Body Language) " ඉගිබස " ලෙස හදුන්වයි. සෑම පුද්ගලයෙකුම සුළු සුළු වෙනස්කමි සහිතව වචනයෙන් යමක් ප්‍රකාශකිරීමට සමානුපාතිකවම ඉරියව් තුලින්ද එය ප්‍රකාශකරනු ලැබේ. වචනයෙන් පවසන දෙයත් ඉගියෙන්/ ශරීරයෙන් පවසන රටාවත් අතර යම් පරස්පරයක් ඇතිවූවිට අපට එහි අමුත්තක් හැගෙන්නේ සමාජ ඇසුරතුලින් එම රටාවට අප ඉබේම අනුගතවී ඇතිබැවිනි.
ඉතා තදින් අත මිටමොලවාගත් පුද්ගලයකු අහින්සක ලෙස සිනාසෙන අවස්ථාවක් සිහියට නගාගන්න. එහි දැඩි අසාමාන්‍ය බවක් ඔබට හැගෙනු ඇත.
යමෙක් යම් කිසිවක් ප්‍රකාශකරන අවස්ථාවකදී එම පුද්ගලයා නාසයේ හෝ මුහුණේ එක් පැත්තක් ස්පර්ශකරමින් සිටීම, ව්‍යාජ බවකින් යුතු හදිස්සි කැස්සක්ල අසනීප ගතියක් අපහසුතාවයකින් පෙලෙන බවක් හුවාදැක්වීමට උත්සහ කිරීම වෙනතකට අකණ්ඩව අවධානය යොමුකරමින් කථාකිරීම වැනි සරල ඉගියන් මෙන්ම ඇසිපිය හෙලන රටාව, කථා විලාශය, හඩ, වැනි සංකීර්ණ ඉගියන් තුලින්ද ඔහු පවසන කරුණුවල අසාමාන්‍යතා අපට නිගමනය කල හැකිය.
යම් පුහුණුවක් සහ අද්දැකීම් බහුල පුද්ගලයෙකුට බොහෝදුරට මෙම ඉරියව් පිටතට පුකාශවීම අවම කරගත හැකිවාක් මෙන්ම මෙම විශය හොදින් අධ්‍යනය කල අයෙකුට සියල්ල නිවැරදිව වටහාගත හැකිවේ.
මේ පිලිබදව ඉදිරියේදී තවත් කරුණු සාකච්ජා කරමු...